ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්.

0
8

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක් අත්සන් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (26) මිහින්තලේ පූජා භූමියෙන් ආරම්භ කෙරිණි.

මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සහ මහා සංඝරත්නය ඇතුළු පිරිසක් පළමුවෙන්ම මෙයට අත්සන් තැබූහ. එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලීමක් කරමින් මිහින්තලේ නායක හිමියන් සඳහන් කළේ, ඥානසාර හිමියන් උදෙසා ජනාධිපති සමාව ප්‍රදානය කිරීමට පියවර ගන්නා ලෙසයි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 6ක සිරදඬුවම් නියමව සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව ලබාදී තිබුණි. කෙසේ වෙතත්, එම ජනාධිපති සමාව දීමේ තීරණය නීතිය හමුවේ බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් 10 වනදා තීන්දු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here