මොහොමඩ් නස්රාන් සොහොයුරා විසින් රචිත “පැළෑන්පුර මුසල්මානුවෝ” ග්‍රන්ථය එළිදැක්වේ.

0
9

පැළෑඳ ගමේ අභිමානවත් ඉතිහාසය, මුස්ලිම් ජනතාවගේ පැමිණීම මෙන්ම ගමේ විහාරස්ථානය සහ සිංහල මුස්ලිම් ප්‍රජාව අතර පවතින නොබිඳෙන ආගමික හා සාමාජික බැඳීම අලලා මොහොමඩ් නස්රාන් සොහොයුරා විසින් රචිත “පැළෑන්පුර මුසල්මානුවෝ” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට පසුගියදා(13) බදුරලිය Sueen Nature හෝටල් පරිශ්‍රයේදී සිදු කෙරුණි.

මේ සඳහා ආගමික නායකයින්,මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්තයින් වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු කතානායක කරූ ජයසූරිය, හිටපු අමාත්‍ය ඩලස් අලහපෙරුම, හිටපු අමාත්‍ය ඉම්තියාස් බාකීර් මාකර් යන මහත්වරු සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ මහලේකම් අර්කම් නූර්අමිත් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියහ.

කෝට්ටේ යුගයේ විසූ වීදිය බණ්ඩාරගේ පැලැන්පුර සම්ප්‍රාප්තියත් සමඟ ඔහුගේ බලකොටුවක් ලෙස මෙම ප්‍රදේශය නිර්මාණය වූ බව අතීතය පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් මොනවාට පැහැදිලි කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here