පිරිසකට පහරදුන් ගාල්ලේ අවන්හලක සේවක පිරිසක් රිමාන්ඩ්

0
178

NEWSNOW | –    ගාල්ලේ ඉන්දියන් හට් අවන්හලේ කළමනාකරු ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයින් 11 දෙනෙකු අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව පොලීසිය පවසයි.

ඒ ගණුදෙණුකරුවන් පිරිසකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

අප්‍රේල් 16 වැනි දින රාත්‍රියේ මෙම සිද්ධිය සිදුව ඇත්තේ, ආහාර සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් ආපනශාලා සේවකයන් සහ භෝජන සංග්‍රහය සඳහා පැමිණි පිරිසක් අතර ඇති වූ ආරවුලක් දක්වා දුරදිග යාමෙන් අනතුරුවය.

කොළඹ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු සහ වයස අවුරුදු 17 සහ 14 වයස්වල පසුවන බාලවයස්කරුවන් දෙදෙනෙකු ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා ගාල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

විමර්ශනවලින් අනතුරුව පහරදීමට සම්බන්ධ සැකකරුවන් 11 දෙනකු පොලිසිය හඳුනාගෙන අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අප්‍රේල් 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.