14 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල කල් දැමේ

0
2

ලබන වසරේ අප්‍රේල් 03 වැනිදා සිට 11 වැනිදා දක්වා පාකිස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ 14 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (සාෆ්) කල් දැමීමට තීරණය කර තිබේ.

පාකිස්ථාන ඔලිම්පික් කමිටුව විසින් කලාපීය සාමාජික රටවල් වෙත මේ බව නිල වශයෙන් දැනුම් දී ඇත.

එම කාලසීමාව තුළ සවුදි අරාබියේදී ආසියානු ගෘහස්ථ සහ සටන් කලා ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබීම මෙලෙස ක්‍රීඩා උළෙල කල් දැමීමට හේතුව වී තිබේ.

තරගාවලිය පැවැත්වෙන නව දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව පාකිස්ථාන ඔලිම්පික් කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here