හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ආරක්ෂිත නාවික ගමනාගමන මාර්ග පිහිටුවීම සඳහා ඕමානය සහ ඉරානය එකඟතාවකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කලාපීය සාමය සහ සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගත් මෙම එකඟතාවට අදාළ ඒකාබද්ධ යෝජනාවක් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ඉරාන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ඉස්මයිල් බඝායි මහතා පවසා ඇත.
මෙම විශේෂ යෝජනාව මඟින් හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ සිදු කෙරෙන නාවික ගමනාගමනයේ සුරක්ෂිතතාව තවදුරටත් ඉහළ නැංවීමටත්, ජාත්‍යන්තර වෙළෙඳාමට සහනදායී පසුබිමක් නිර්මාණය කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර, ඒ හරහා කලාපීය නාවික තත්ත්වයන් සහ බලශක්ති සැපයුම් මාර්ගවල ස්ථාවරත්වය සුරක්ෂිත කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති බවද වාර්තා වේ.

