හිටපු අමාත්‍ය ආචාර්’ය විජයදාස රාජපක්ෂ දේශපාලනයෙන් විශ්‍රාම යාමට සූදානම්

0
182
NEWSNOW | – හිටපු අමාත්‍ය ආචාර්’ය විජයදාස රාජපක්ෂ මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති අතර ඉදිරියේදී කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව වැඳපුදා ගැනීමෙන් අනතුරුව තම දේශපාලන අනාගතය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ හැකියාවක් ඇත්දැයි විමසූ විට ආචාර්’ය රාජපක්ෂ එම අදහස තරයේ ප්‍රතික්ෂේප කළේය.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම දූෂිතයන් බවට සටහන් වූ කතාවේ කොටස්කරුවෙකු වීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවසීය.