සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් වැසේ

0
46

ඩෙංගු සහ වෛරස් උණ ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය සති දෙකක කාලයකට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු, විභාග සහ නේවාසිකාගාර වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දමා ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සඳහන් කළේය.

එම විශ්වවිද්‍යාලය යළි විවෘත කිරීමට නියමිතව ඇත්තේ ජූලි 13 වැනිදා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරත් සඳහන් කළේය.