සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයින් තිදෙනෙකු මියයාමට හේතුව හෙළිවෙයි

0
159

NEWSNOW | –   තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අබිරහස් ලෙස මියයාමට හේතුව හෙළිව තිබේ.

මෙම මරණ පිළිබඳ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය තංගල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රුවන් නානයක්කාර මහතා විසින් සිදුකර ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ බීර හා හෙරොයින් අධික ලෙස ශරීරගතවීම නිසා මෙම මරණ සිදුවී ඇති බවය.

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයින් දෙදෙනෙකුගේ මළසිරුරු ඊයේ (22) සොයාගතේය.

එසේම එම නිවසේ සිටි තවත් පුද්ගලයෙකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පැ.