සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම සුබසාධන දීමනාව හෙට (16) දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
මෙහිදී පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන පවුල් 999,053ක් සඳහා සහ දෙවන අදියර යටතේ ලියාපදිංචි පවුල් 213,335ක් සඳහා අදාළ මුදල් ප්‍රතිලාභ තැන්පත් කිරීමට නියමිතව තිබේ.
මෙලෙස ගිණුම්ගත කෙරෙන දීමනා මුදල් අනිද්දා (17) සිට අදාළ බැංකු ගිණුම් හරහා ලබාගැනීමේ පහසුකම ප්‍රතිලාභීන් වෙත සලසා ඇති බව ද එම මණ්ඩලය වැඩිදුරටත් තහවුරු කරයි.

