ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් දිවයිනට

0
123

NEWSNOW | – ස්විට්සර්ලන්තයේ සිට ආපදා ආධාර තොගයක් රැගත් ගුවන් යානයක් අද (6) පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.

එහි ජල පිරිසිදුකරණයන් සහ ඒවායේ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය තවත් උපකරණ රැසක් ඇතුලත්වේ.

මෙට්‍රික් ටොන් 2.6ක් බරැති මෙම ආධාර තොගය ඇසුරුම් 17කින් සමන්විතය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත නියෝජ්‍ය තානාපති ඔලිවියර් ප්‍රාස්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක්ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ.