ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

0
22

‘සිරිලිය සවිය’ ගිණුම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීම අරමුණු කරගනිමින් ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

පසුගිය 06 වන දින මෙම අපේක්ෂිත ඇප අයදුම්පත මාලිගාකන්ද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා අද (12) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වෙත ද අධිකරණය විසින් නොතීසි නිකුත් කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here