ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි පාකිස්තාන සංචාරයට අදාළ නිල තරග කාලසටහන පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම සංචාරයේදී විස්සයි20 තරග 3ක්, එංගලන්තය ද සහභාගී වන තුන්කොන් එක්දින තරගාවලියක් සහ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් ටෙස්ට් තරග 2ක් පැවැත්වීමට නියමිතය.
තරග සංචාරය සඳහා ඔක්තෝබර් 04 වනදා පාකිස්තානය බලා පිටත්ව යන ශ්‍රී ලංකා කණ්ඩායම, ඔක්තෝබර් 09 සිට නොවැම්බර් 21 දක්වා එහි රැඳී සිටිනු ඇත.
තරග කාලසටහන:
විස්සයි20 තරගාවලිය (රාවල්පින්ඩි හිදී)
ඔක්තෝබර් 09: 1 වන T20 තරගය
ඔක්තෝබර් 11: 2 වන T20 තරගය
ඔක්තෝබර් 13: 3 වන T20 තරගය
තුන්කොන් එක්දින තරගාවලිය (රාවල්පින්ඩි සහ ලාහෝර් හිදී)
ඔක්තෝබර් 18: පාකිස්තානය – ශ්‍රී ලංකාව
ඔක්තෝබර් 20: පාකිස්තානය – එංගලන්තය
ඔක්තෝබර් 22: ශ්‍රී ලංකාව – එංගලන්තය
ඔක්තෝබර් 25: පාකිස්තානය – එංගලන්තය
ඔක්තෝබර් 27: පාකිස්තානය – ශ්‍රී ලංකාව
ඔක්තෝබර් 29: ශ්‍රී ලංකාව – එංගලන්තය
ඔක්තෝබර් 31: අවසන් මහා තරගය
ICC ලෝක ටෙස්ට් ශූරතාවලිය (2025-27)
නොවැම්බර් 09 – 13: 1 වන ටෙස්ට් තරගය (රාවල්පින්ඩි)
නොවැම්බර් 17 – 21: 2 වන ටෙස්ට් තරගය (ලාහෝර් – ගඩාෆි ක්‍රීඩාංගණය)

