‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදල සඳහා ඩඩ්ලි සිරිසේන මහතාගේ සමාගමෙන් රුපියල් මිලියන 100 ක පරිත්‍යාගයක්

0
205

NEWSNOW | –  දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට සහන සැලසීම සඳහා පිහිටුවන ලද රජයේ ‘ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ’ අරමුදලට පොළොන්නරුවේ පිහිටි ලක්බිම රයිස් මිල්ස් (පුද්ගලික) සමාගම රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කර ඇත.

අරලිය සමාගම් සමූහයේ සභාපති ඩඩ්ලි සිරිසේන මහතා විසින් අද (13) උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත මෙම පරිත්‍යාග චෙක්පත භාර දෙන ලදී.