ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපති ලෙස එරික් මේයර් දිවුරුම් දෙයි

0
10
ශ්‍රී ලංකාවේ නව අමෙරිකානු තානාපතිවරයා ලෙස පත් වූ එරික් මේයර් (Eric Meyer) මහතා වොෂින්ටන් නුවර පිහිටි රාජ්‍ය දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී නිල වශයෙන් දිවුරුම් දී තිබේ. කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය මගින් මෙම පත්වීම තහවුරු කර ඇති අතර, අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ලැන්ඩා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයෙන් අනතුරුව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍ය ආසියානු කටයුතු කාර්යාංශය විසින් නව තානාපතිවරයා වෙත සිය සුභපැතුම් පිරිනමන ලදී. දකුණු සහ මධ්‍ය ආසියානු කලාපීය කටයුතු පිළිබඳ දීර්ඝ කාලීන අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරියෙකු වන මේයර් මහතා, මෙම ධුරයට පත්වීමට පෙර එම කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසද සේවය කර ඇත.
අමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ හවුල් ප්‍රමුඛතාවන් තවදුරටත් ශක්තිමත් කරගැනීම උදෙසා එරික් මේයර් මහතාගේ නායකත්වය යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.
විශේෂයෙන්ම ආර්ථික සහයෝගීතාව, කලාපීය ආරක්ෂාව, යහපාලනය සහ සංවර්ධන කටයුතු වැනි ක්ෂේත්‍ර රැසක දෙරට අතර පවතින සබඳතා ඉදිරියට ගෙන යාමට ඔහුගේ ධුර කාලය තුළ විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත. දිවයිනට පැමිණෙන නව තානාපතිවරයාව ඉතා උණුසුම් ලෙස පිළිගැනීමටත්, දෙරටේ පොදු අරමුණු වෙනුවෙන් ඔහු සමඟ සමීපව කටයුතු කිරීමටත් සූදානම් බව තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here