ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතන කාර්යාලයයෙන් විපතට පත් පවුල් 1800කට ආහාර මලු බෙදා දෙයි.

0
177

කටාර් රාජ්‍යයේ මානුෂීය ආධාර වල කොටසක් ලෙස දිත්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පවුල් සඳහා ආහාර පැකට් 1,800 ක් බෙදා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතන කාර්යාලය, සංවර්ධන සඳහා වූ කටාර් අරමුදලේ (QFFD) කොළඹ කාර්යාලය විසින් මෙය සංවිධානය කරන ලදී.

මෙම අවස්ථාවට තානාපති කාර්යාලයේ භාරකරු, අලි සාලෙම් අල්-නුඅයිමි මහතා, ශ්‍රී ලංකාවේ කටාර් පුණ්‍යායතන කාර්යාලයේ අධ්‍යක්ෂ, මහමුද් අබු කලීෆා මහතා සහ ශ්‍රී ලංකාවේ රජයේ නිලධාරීන් සහ සිවිල් සමාජයේ නියෝජිතයින් ගණනාවක් සහභාගී වූහ.