වැල්ලම්පිටියේදී හෙරොයින් සමඟ හසුවූ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

0
14

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකාරිය වූ කාන්තාවකට කොළඹ මහාධිකරණය මගින් ජීවිතාන්තය දක්වා වූ සිරදඬුවම් නියම කර තිබේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද (02) මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

2022 වසරේ අගෝස්තු මස 13 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.95ක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම විත්තිකාරියට එරෙහිව චෝදනා ගොනුකර තිබුණි.

පැමිණිල්ල විසින් එල්ල කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව තහවුරු වී ඇති බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය, ඒ අනුව විත්තිකාරියට මෙම දැඩි සිරදඬුවම නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here