වර්තමානයට අවශ්‍යව ඇත්තේ කිසිදු පාර්ශ්වයක ජයග්‍රහණයකට වඩා බුද්ධ ශාසනයේ ජයග්‍රහණයයි – කරවිලකොටුවේ ධම්මතිලක හිමි

0
18

ඊයේ දිනයේදී අනුරාධපුර පුදබිම ආශ්‍රිතව සිදුවූ සිද්දිය සමබන්දයෙන් බොහෝ දෙනා අතර කතාබහට ලක්විය. මේ පිළිබදව කරවිලකොටුවේ ධම්මතිලක භික්ෂුන් වහන්සේ විසින් උන්වහන්සේගේ ෆේස්බුක් පිටුවෙහි මේ පිලිබදව කනගාටුවෙන් යුතුව තම අදහස් පළකර සිටියේය.

“අනුරාධපුර පූජාභූමිය ආශ්‍රිතව දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී වාතාවරණය සම්බන්ධයෙන් මම දැඩි කනගාටුව ප්‍රකාශ කර සිටිමි.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මතවාදී විවිධත්වය සහ විරෝධය දැක්වීමේ අයිතිය තිබීම ස්වභාවික වුවද, කිසිදු හේතුවක් නිසා ප්‍රචණ්ඩත්වය හෝ කලහකාරී ක්‍රියා අනුමත කළ නොහැකිය.

අනුරාධපුරය යනු අපගේ බෞද්ධ හා ජාතික උරුමයේ මුදුන් මල්කඩ වැනි පූජනීය බිමක් වන බැවින්, එහි පාරිශුද්ධත්වය සහ ගෞරවය ආරක්ෂා කර ගැනීම සමස්ත සමාජයේම වගකීමකි. වර්තමානයේ අපට අවශ්‍යව ඇත්තේ කිසිදු පාර්ශ්වයක ජයග්‍රහණයකට වඩා ‘බුද්ධ ශාසනයේ ජයග්‍රහණයයි’.

එබැවින්, පටු මතවාද සහ පුද්ගල ආධිපත්‍යයන් පසෙකලා, ශ්‍රී සද්ධර්මය සහ අන්‍යෝන්‍ය සංහිඳියාව පෙරමුණට ගෙන ක්‍රියා කිරීමට සැමගේ අවධානය යොමු විය යුතුය.”

-කරවිලකොටුවේ ධම්මතිලක භික්ෂුන් වහන්සේ-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here