ලොව ජනප්‍රිය රෙගේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි දිවයිනට

0
142

NEWSNOW | –  ලෝකයේ ජනප්‍රිය  “රෙගේ ” සම්ප්‍රදායේ සංගීතඥයෙකු වන ඇල්ෆා බ්ලොන්ඩි අද(16) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඒ ප්‍රසංගයක් පැවැත්වීම සදහාය. බොබ් මාලේ ගෙන් පසුව රෙගේ සම්ප්‍රදාය අනුගමනය කරමින් සිටින ලෝකයේ අතිශය ජනප්‍රිය සංගීතඥයා ඇල්ෆා බ්ලොන්ඩි වේ.

ඔහු සිය පවුලේ සාමාජිකයන් සිව් දෙනෙකු ද සමග 07/16 දින අලුයම 02.50 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 394 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇල්ෆා බ්ලොන්ඩි එළඹෙන 19 දින සවස කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේ දී සංගීත‍ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතය.

ඇල්ෆා බ්ලොන්ඩි සංගීතඥයා ඇතුළු පිරිස ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් විසින් උසස් අන්දමින් කටුනායක ගුවන් තොටුපොළේ දී පිළිගනු ලැබීය.