රුපියල නැවතත් ශක්තිමත් වෙයි.

0
114

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (15) නැවතත් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326.34ක් වූ අතර එහි විකිණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336.58ක් වශයෙනි.

පසුගිය සිකුරාදා (12) දිනයේදී අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.42ක් ලෙස පැවති අතර, එහි විකිණුම් මිල සඳහන් වූයේ රුපියල් 341.36ක් ලෙසය.