රිමාන්ඩ් භාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගෙන් පාර්ලිමේන්තුවට ලිපියක්

0
4

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, ඉදිරි පාර්ලිමේන්තු රැස්වීම් සඳහා සහභාගී වීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මහලේකම් නීතිඥ කුෂාණි රෝහණදීර මහත්මිය වෙත ලිපියක් යොමු කිරීමට සූදානම් වන බව වාර්තා වේ.

​’ලංකාදීප’ පුවත්පත උපුටා දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ, මෙම නිල ඉල්ලීම හෙට දිනයේදී පාර්ලිමේන්තු මහ ලේකම්වරිය වෙත භාරදීමට නියමිත බවයි. නාමල් රාජපක්ෂ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියද, ඔහුට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීම සඳහා කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීති විද්‍යාඥයින් පෙන්වා දෙයි.

​ඒ අනුව, සැප්තැම්බර් 08 වැනි අඟහරුවාදා සිට 11 වැනිදා දක්වා පාර්ලිමේන්තු වාරයන් පැවැත්වීමට නියමිතව ඇත.

​එයාර්බස් ගනුදෙනුවේදී අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් නාමල් රාජපක්ෂ මහතා, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් සැප්තැම්බර් 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here