රත්‍රරන් මිල යළි පහළට

0
218

NEWSNOW| –  මෙරට රත්‍රං මිල අද දින යළිත් වරක් පහළ බැස තිබේ.

ඒ ඊයේ දිනය සාපේක්ෂව රුපියල් 2000කිනි.

ඒ අනුව අද (29) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 294,000ක් දක්වා පහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 296,000ක් ලෙසය.

මේ අතර ඊයේ (28) දිනයේ දී රු. 320,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 318,000ක් දක්වා පහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.