මෝදර චතූ නොහොත් සමිට්පුර චතූ නැමති අය කොළඹ අපරාධ කොට්ඨාශයට රැගෙන යයි.

0
8

ඕමානයේ සැගවී සිටි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන , කංකානමගේ දිමුතු චතුරංග පෙරේරා නොහොත් මෝදර චතූ නොහොත් සමිට්පුර චතූ නැමති අය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් , ඕමානයේ දී අත් අඩංගුවට ගෙන , අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබේ.

කොළඹ – 15 , මෝදර , සමිට්පුර ප්‍රදේශයේ පදිංචි , 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා , 2025.03.22 දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන මෙර්ටින් ඕමානය වෙත පළා ගොස් තිබේ.

ගනේමුල්ල සංජීව ඝාතනයේ එක් සැකකරුවෙකු ද වන මොහු , මීට අමතරව මෙරට තුළ සිදු කළ අපරාධ රැසක විමර්ශන කටයුතු සදහා අත්‍යාවශ්‍යව සිටි පුද්ගයෙකි.

ඔහු අලුයම 04.53 ට ඕමානයේ මස්කට් නුවර සිට , සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත් තිබුණි .

ඔහු පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා කොළඹ අපරාධ කොට්ඨාශය ( Colombo Crime Division ) වෙත දැඩි ආරක්ෂක ව්ධිවිධාන මධ්‍යයයේ 08/18 දින උදෑසන 08.20 ට පමණ රැගෙන ගියේය.

ටී.කේ.ජී.කපිල – කටුනායක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here