මෙල්බර්න් සිට කටුනායක පැමිණි ශ්‍රීලන්කන් UL605 යානයේ භාණ්ඩ කුටියේ දුම් සංඥාවක් – යානය ආරක්ෂිතව ගොඩබසියි

0
3

මෙල්බර්න් නුවර සිට කටුනායක බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL605 දරන ගුවන් යානයේ භාණ්ඩ ගබඩා කුටියේ (Cargo Hold) දුම් අනතුරු ඇඟවීමේ සංඥාවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

ඊයේ (නොවැම්බර් 01) රාත්‍රී 11.20ට කොළඹට ළඟාවීමට නියමිතව තිබූ මෙම යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට (BIA) ගොඩබෑමට මඳක් ප්‍රථමයෙන් මෙම හදිසි සංඥාව සක්‍රිය වී ඇත. කෙසේ වෙතත්, ගුවන් නියමුවන්ගේ සහ අදාළ අංශවල කඩිනම් ක්‍රියාමාර්ග හේතුවෙන් යානය කටුනායක ගුවන් තොටුපොළට ආරක්ෂිතව ගොඩබස්වා ගැනීමට සමත් වී තිබේ.

යානය ගොඩබෑමෙන් පසු එහි සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය කිසිදු අනතුරකින් හෝ හානියකින් තොරව ආරක්ෂිතව ඉවත් කර ගැනීමට කටයුතු කර ඇත. මෙම අනපේක්ෂිත සිදුවීමට හේතුව කුමක්ද යන්න සෙවීම සඳහා ශ්‍රීලන්කන් ගුවන් සේවය විසින් මේ වන විට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here