වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,805 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් මරණ 72ක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ ජූලි මාසයේදී 29,962ක් වාර්තා වී ඇති අතර අගෝස්තු මාසයේදී පමණක් රෝගීන් 9,469 දෙනෙකු හඳුනාගෙන තිබේ. සමස්ත රෝගීන්ගෙන් සියයට 52.92ක් එනම් 50,167 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර, දකුණු පළාතෙන් රෝගීන් 13,823ක් සහ මධ්‍යම පළාතෙන් 8,624ක් වාර්තා වේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහින් (20,207) වාර්තා වන අතර කොළඹින් 18,794ක්, මහනුවරින් 6,913ක්, කළුතරින් 6,117ක් සහ ගාල්ලෙන් 6,111ක් ලෙස රෝගීන් හඳුනාගෙන තිබෙන අතර, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.

