‍මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

0
51

‍මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලබා සිටි තවත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (13) සහ අද (14)අලුයම මෙම දෙදෙනා මියගොස් ඇති බවය.

මෙලෙස මියගොස් ඇත්තේ 25 හැවිරිදි සහ 39 හැවිරිදි බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු බව සඳහන්ය.

ඒ අනුව මීගමුව බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

ජුලි මස 5 සහ 6 යන දෙදින තුළ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර රැඳවියන් 21 දෙනෙකු ද මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය. ඒ අනුව සිිදුවු සමස්ත මරණ ගණන 31ක් දක්වා ඉහළ ගොස් ඇත.

අදාළ ගැටුමෙන් තුවාල ලැබූ තවත් බන්ධනාගාර රැඳවියන් සහ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ සහ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව සඳහන්ය.