මිලාද් උන් නබි උත්සවය අදයි

0
11

ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වූ මුහම්මද් නබි නායකතුමන්ගේ උතුම් ගුණාංග සිහිකරමින්, උන්වහන්සේගේ ජන්ම දිනය අද (මිලාද් උන්-නබි) අතිඋත්කර්ෂවත් අන්දමින් සහ ආගමානුකූලව සමරනු ලබයි.

සාමය, සහජීවනය හා සමානාත්මතාවය පදනම් කරගත් ඉස්ලාම් ධර්මය ලොවට දායාද කළ මුහම්මද් නබිතුමන් ක්‍රිස්තු වර්ෂ 570 දී සෞදි අරාබියේ මක්කම නගරයේදී ජනිත විය. කුඩා අවදියේ සිටම උසස් ගුණධර්මවලින් පිරි යහපත් දිවි පෙවෙතක් ගත කළ උන්වහන්සේ, සිය 40 වන වියේදී අල්ලාහ් දෙවියන්ගේ දූතයාණන් (නබිවරයා) ලෙස තෝරාගනු ලැබූ බව ඉස්ලාමීය විශ්වාසයයි.

සිය දේශනා, ක්‍රියාකලාපයන් මෙන්ම අසමසම පරිත්‍යාගයන් තුළින් ඉස්ලාම් දහමේ උතුම් හර පද්ධතිය ප්‍රායෝගිකව ලොවට පෙන්වා දුන් උන්වහන්සේ, මානව ප්‍රේමය සහ මනුෂ්‍යත්වය අගයන ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකි. මෙලෙස මිනිස් සංහතියේ යහපත උදෙසා කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය වෙනුවෙන් අද දිනයේ දෙස් විදෙස් ඉස්ලාම් භක්තිකයෝ විශේෂ ආගමික වතාවත්වල නිරත වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here