මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන්ට කොටුව අධිකරණයෙන් වරෙන්තු

0
44

කොටුව පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව තමන්ට එරෙහිව පවතින නඩුව සඳහා අද (24) දින අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.

මෙම නඩුව අද දින විභාගයට ගත් අවස්ථාවේදී මන්ත්‍රීවරයා අධිකරණය මඟහැර සිටි අතර, ඔහු වෙනුවෙන් පෙනී සිටිය යුතු ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී සිටීමට අපොහොසත් වී ඇත. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත් අධිකරණය විසින් මන්ත්‍රීවරයාට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here