විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 1818 ක්ෂණික ඇමතුම් අංකය මේ වන විට පැය 24 පුරාම සක්‍රිය කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දිවයින පුරා සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම්, බෙදාහැරීම් හෝ ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳ නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ වෙත ලබා දීමට මෙමඟින් ජනතාවට අවස්ථාව හිමිවේ.
තොරතුරු ලබාදෙන්නන්ගේ අනන්‍යතාව සහ රහස්‍යභාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන අතර, එම තොරතුරු මත වහාම ක්‍රියාත්මක වීමට පියවර ගැනේ. මෙම සේවාව ජනාධිපති කාර්යාලයේ සහ “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේ සෘජු අධීක්ෂණය යටතේ මෙහෙයවනු ලබයි.

