මක්කම ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වූ බවට පැතිරුණු කටකතා අසත්‍යයි සවුදි අරාබියෙන් නිවේදනයක්

0
21

මක්කම ශුද්ධභූමියේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අයෙකු අත්අඩංගුවට ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ දර්ශන සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සවුදි අභ්‍යන්තර අමාත්‍යාංශය (MoI) නිල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අදාළ සිදුවීම මහා පල්ලියට එල්ල වූ ප්‍රහාරක උත්සාහයක් නොවන අතර, පූජනීය නගරයේ මඟීන්ට හිරිහැර කරමින් නොසන්සුන්තාවයක් ඇති කළ පුද්ගලයෙකු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර සඳහා මහජන අභිචෝදක කාර්යාලය වෙත යොමු කර ඇති බව බලධාරීහු පෙන්වා දෙති. තහවුරු නොකළ සමාජ මාධ්‍ය වාර්තා විශ්වාස නොකර නිල මූලාශ්‍රවලින් පමණක් තොරතුරු ලබාගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

යේමනයේ හූති කැරලිකරුවන්ගේ තර්ජන හමුවේ සවුදි අරාබිය දැඩි ආරක්ෂක පියවර ගෙන ඇති අතර, මදීනා නගරයේ විදුලි පහසුකම් ඉලක්ක කර හූති ප්‍රහාරයක් එල්ල වූ බවට ද පසුගියදා වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here