බ්රසීල සුපර් ලීග් පාපන්දු තරගයක් අතරතුර ඇති වූ ගැටුමකදී විනය විරෝධී ලෙස හැසිරීම හේතුවෙන් සුපිරි පාපන්දු ක්රීඩක නේමාර්ට තරග තහනමක් පැනවීමට එරට ක්රීඩාවේ යුක්තිය සඳහා වන උපරිමාධිකරණය පියවර ගෙන තිබේ.
විදෙස් මාධ්ය වාර්තා කරන ආකාරයට, ඒ අනුව නේමාර්ට සැන්ටොස් ක්රීඩා සමාජ තරග දෙකක තහනමක් පනවා ඇත.
මින් පෙර සිදු වූ විනය විරෝධී ක්රියාවක් සඳහා පැනවූ තවත් තරගයක තහනමක් සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග 3ක් ඔහුට අහිමි වනු ඇත.

