අද (29) දින අලුයම කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ ප්රදේශ කිහිපයක වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මීට අමතරව, ඌව පළාතෙත්, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් පවතී.
දිවයිනේ සෙසු ප්රදේශවල ප්රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙන අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

