පොලිස් නිෂ්කාශන සහතික සම්බන්ධ විමසීම් සඳහා නව දුරකථන අංක හඳුන්වා දෙයි.

0
23

පොලිස් නිෂ්කාශන සහතික (Police Clearance Certificates) සම්බන්ධ විමසීම් සහ සහාය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය විසින් විශේෂ දුරකථන අංක තුනක් හඳුන්වා දී ඇත.

ශ්‍රී ලංකා පොලිස් නිෂ්කාශන පරිගණක පද්ධතියේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන්, මාර්ගගත (online) ක්‍රමවේදය ඔස්සේ පොලිස් නිෂ්කාශන සහතික සඳහා අයදුම්පත් භාර ගැනීම තාවකාලිකව අත්හිටුවා ඇත.

එම මාර්ගගත පද්ධතිය නැවත සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන තෙක්, අයදුම්කරුවන්ට විමසීම් කිරීමට, සහාය ලබා ගැනීමට හෝ අයදුම්පත් සම්බන්ධ ගැටලු වාර්තා කිරීමට පොලිස් මූලස්ථානයේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් මැදිරිය (Special Operations Room) හා සම්බන්ධ විය හැකිය.

නව දුරකථන අංක:

📞 071-8595946
📞 071-8595947
📞 071-8595948

පොලිස් නිෂ්කාශන සහතික අයදුම්පත් සම්බන්ධ ඕනෑම සහායක් හෝ විමසීමක් සඳහා මෙම අංක භාවිතා කරන ලෙස පොලිස් මාධ්‍ය කොට්ඨාසය මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර, මෙම තොරතුරු මහජනතාව වෙත ප්‍රචාරය කරන ලෙස මාධ්‍ය ආයතනවලින් ද ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here