පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණයේදී

0
3

සුභාවිත සුගන්ධවත් ගීත රචනයෙන් දශක ගණනාවක් පුරා සහෘද සිත් සතන් අමන්දානන්දයට පත්කළ, අපවත් වී වදාළ පූජ්‍ය රඹුකන සිද්ධාර්ත හිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.

76 වැනි වියෙහි පසුවූ උන්වහන්සේ ඉකුත් 18 වැනිදා අපවත් වූ අතර, ආගමික වතාවත් සඳහා ශ්‍රී දේහය 19 වැනිදා සිට වැල්ලවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර තබන ලදී.

අද පස්වරුවේ උන්වහන්සේගේ ශ්‍රී දේහය විශේෂ රථ පෙරහැරකින් වැල්ලවත්ත සරණංකර ක්‍රීඩාංගණය වෙත රැගෙන එනු ලැබූ අතර, මල්වතු මහා විහාරවාසී, ආචාර්ය පූජ්‍ය දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම හිමිපාණන් වහන්සේ විසින් එහිදී ආගමික වතාවත් ඉටු කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here