පියතුමෙකුට පහරදීමේ සිද්ධිය රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනම්.

0
117

NEWSNOW | – කතෝලික පියතුමෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින පොලිස් නිලධාරින් 6 දෙනාගේ වැඩ තහනමට ලක් කරයි.

ඔවුන් ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ සමජියෝ වෙති.

සැකකරුවන් ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ඒ අනුව ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සිදු කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.