පාස්කු නඩුවේ විත්තිකරුවන් 24දෙනාගේ ලිඛිත දේශන ගොනු කරයි

0
6

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා 23,270 ක් යටතේ නීතිපතිවරයා විසින් නඩුවර පවරා ඇති නවුෆර් මවුලවී ඇතුළු විත්තිකරුවන් 24 දෙනා අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ තම ලිඛිත දේශන ගොනු කළහ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව කැඳවූ අතර, ලිඛිත දේශන ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අදාළ නඩුවේ තීන්දුව ලබන සැප්තැම්බර් මස 22 වන දා ප්‍රකාශයට පත් කරන බව විනිසුරු මඩුල්ල නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here