ප්‍රවීණ ගායන ශිල්පී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

0
45

ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

ඇය අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇත.

මිය යන විට ඇය 68 වියෙහි සිටියාය.

බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.