ශ්රී ලංකාවට ආසන්නව පිහිටා තිබූ අඩු පීඩන කලාපය මේ වන විට දිවයිනෙන් ඉවතට බටහිර දෙසට ගමන් කරමින් පැවතියද, එහි බලපෑම අද (23) දිනයේදීත් දිවයින පුරා පවතිනු ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.
මේ හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්යම, උතුරු සහ වයඹ පළාත්වල මෙන්ම අනුරාධපුර සහ ගාල්ල දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
දිවයිනේ සෙසු ප්රදේශවලද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි අතර, ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක් තද වැසි පතිත විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දන්වා සිටී.

