‘පහන’ (Pahana) මාධ්‍ය ජාලයේ ප්‍රධානීන් පිරිසක් 2026 සැප්තැම්බර් 03 වනදා සමස්ත ලංකා ජමියතුල් උලමා (ACJU) සභාවේ මූලස්ථානය වෙත පැමිණ එහි විධායක කමිටු සාමාජිකයින් හමු වී විශේෂ සාකච්ඡාවක නිරත විය.
‘පහන’ මාධ්‍ය ජාලයේ ඉදිරි ක්‍රියාකාරකම් සහ දැක්ම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදු කළ අතර, බහුජාතික සමාජය තුළ ආගමික හා ජාතික සහජීවනය මෙන්ම සුහදතාව ගොඩනැගීමේ අත්‍යවශ්‍යතාව පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි.
ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සමාජ සහජීවනය සහ එකමුතුකම තහවුරු කිරීම සඳහා සියලුම පාර්ශවයන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව දෙපාර්ශ්වය අතර පුළුල් ලෙස අදහස් හුවමාරු විය.



