නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට චීනයේ එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට මරණ දඬුවම.

0
131

NEWSNOW | – දූෂණ වංචා ක්‍රියාකාරකම් සහිත නීති විරෝධී කඳවුරු පවත්වාගෙන යාමේ වරදට එකම පවුලේ සාමාජිකයින් 11 දෙනෙකුට චීනය විසින් මරණ දඬුවම නියම කර තිබේ.

මිං පවුල ලෙස කුප්‍රකට මෙම චීන ජාතිකයි විසින් මියන්මාරයේ ලාක්කායිං නගරයේ දූෂිත ක්‍රියාකාරම් සහිත කඳවුරු පවත්වාගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ලාක්කායිං නගරය චීන දේශ සීමාවට ආසන්නව පිහිටා ඇති අතර එය මිං පවුලේ පරම්පරා කිහිපයක බලයට යටත්ව පාලනය වූ ප්‍රදේශයක් බව සඳහන් වේ.

මෙම පිරිස විසින් කැසිනෝ, ගණිකා මඩම්, පුද්ගල පැහැර ගැනීම්, මුල්‍ය වංචා සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි දූෂිත ක්‍රියා රැසක් සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙම කඳවුරුවල බොහෝ චීන වැසියන් සේවය කර ඇත.

2023 දී මියන්මාර බලධාරීන් විසින් මෙම පිරිස අත්අඩංගුවට ගෙන චීනයට භාර දී තිබුණි.