ශ්රී ලංකාව සහ පාකිස්තානය අතර ඔක්තෝබර් 18 පැවති ක්රිකට් තරගයේදී නියමිත පන්දුවාර වේගය පවත්වා ගැනීමට අපොහොසත් වීම හේතුවෙන්, ජගත් ක්රිකට් කවුන්සිලය (ICC) විසින් කණ්ඩායම් දෙකටම දඩ නියම කර තිබේ.
ඒ අනුව, ශ්රී ලංකා කණ්ඩායමට තරග මුදලින් සියයට 5ක දඩයක් ද, පාකිස්තාන කණ්ඩායමට තරග ගාස්තුවෙන් සියයට 10ක දඩයක් ද පනවා ඇත.
එංගලන්තය, පාකිස්තානය සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේ පළමු තරගය ලෙස පැවති මෙම ගැටුමෙන් ලකුණු 37ක ජයග්රහණයක් අත්කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් විය.

