නාරාහේන්පිට මෝටර් රථ ප්‍රවාහන කාර්යාලයේ සේවා ලබා ගැනීමට නොවැම්බර් 23 සිට පූර්ව වේලාවන් අනිවාර්යයි

0
12

එළැඹෙන නොවැම්බර් 23 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මගින් සපයන සියලුම සේවාවන් පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ (Appointment) ක්‍රමවේදය යටතේ පමණක් ලබා දීමට තීරණය කර තිබේ.

සේවාලාභීන්ගේ පහසුව සලසමින්, 2026.11.23 දිනට පෙර පැවති දෛනික පූර්ව වේලාවන් ලබා දීමේ සංඛ්‍යාව මේ වන විට දෙගුණයකටත් වඩා ඉහළ නැංවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. ඒ අනුව, වැඩි පිරිසකට දෛනිකව වඩාත් පහසුවෙන් සහ කඩිනමින් සිය කටයුතු ඉටු කර ගැනීමට අවස්ථාව හිමි වේ.

තමන්ට පහසු වේලාවක් කල්තියා වෙන්කර ගැනීම සඳහා පහත ක්‍රමවේද දෙකෙන් ඕනෑම එකක් භාවිත කළ හැකිය:

  • දුරකථනයෙන්: 011 2 117 116 අංකය ඇමතීමෙන්

  • මාර්ගගතව (Online): [https://dmtappointments.dmt.gov.lk](https://dmtappointments.dmt.gov.lk) වෙබ් අඩවියට පිවිසීමෙන්

මේ හේතුවෙන්, නොවැම්බර් 23 වැනිදා සිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය අසල උදෑසන සිට අනවශ්‍ය ලෙස පෝලිම්වල රැඳී නොසිටින ලෙස දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සේවාලාභීන්ගේ කාලය ඉතිරි කර ගැනීමට සහ වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමට හඳුන්වා දී ඇති මෙම පූර්ව වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රමවේදය පමණක් අනුගමනය කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් තුෂාර ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here