පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක ප්රදේශ රැසකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඊයේ (09) රාත්රී 20:00 සිට අද (10) රාත්රී 20:00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.
ඒ අනුව, අනතුරු ඇඟවීමේ මට්ටම 2 (අවධානයෙන් සිටින්න – ඇම්බර්) යටතේ පහත ප්රදේශ නම් කර ඇත
-
බදුල්ල දිස්ත්රික්කය: පස්සර
-
ගාල්ල දිස්ත්රික්කය: නාගොඩ
-
කෑගල්ල දිස්ත්රික්කය: දැරණියගල, දෙහිඕවිට
-
නුවරඑළිය දිස්ත්රික්කය: නිල්දන්ඩාහින්න, වලපනේ, අඹගමුව කෝරලේ
-
මහනුවර දිස්ත්රික්කය: උඩුදුම්බර
-
රත්නපුර දිස්ත්රික්කය: ඇහැලියගොඩ, ඇලපාත, අයගම, වැලිගෙපොල
තවද, අනතුරු ඇඟවීමේ මට්ටම 1 (විමසිලිමත් වන්න – කහ) යටතේ පහත ප්රදේශ පත් කර ඇත:
-
බදුල්ල දිස්ත්රික්කය: මීගහකිවුල, ඇල්ල
-
කොළඹ දිස්ත්රික්කය: පාදුක්ක, සීතාවක
-
ගාල්ල දිස්ත්රික්කය: තවලම, ඇල්පිටිය, කරන්දෙනිය
-
කළුතර දිස්ත්රික්කය: වලල්ලවිට, පාලින්දනුවර, ඉංගිරිය, බුලත්සිංහල, මතුගම, අගලවත්ත
-
මහනුවර දිස්ත්රික්කය: උඩුනුවර, තුම්පනේ, මිණිපේ, යටිනුවර, දොළුව, පස්බාගේකොරලේ, උඩපළාත, ගඟ ඉහල කෝරලේ
-
කෑගල්ල දිස්ත්රික්කය: අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය, මාවනැල්ල, රුවන්වැල්ල, කෑගල්ල, වරකාපොල
-
නුවරඑළිය දිස්ත්රික්කය: මතුරට, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර, හඟුරන්කෙත, නෝර්වුඩ්
-
මොණරාගල දිස්ත්රික්කය: වැල්ලවාය
-
රත්නපුර දිස්ත්රික්කය: ගොඩකවෙල, කොලොන්න, බලන්ගොඩ, රත්නපුර, කිරිඇල්ල, කුරුවිට
අධික වර්ෂාවත් සමඟ මෙම ප්රදේශවල නායයෑම්, පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරළීම් සිදුවිය හැකි බැවින්, අදාළ ප්රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් හා අවධානයෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ අංශ තරයේ ඉල්ලා සිටියි.

