ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ නඩුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදුන් ඇප නියෝගය අත්හිටුවීම සම්බන්ධයෙන් වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් 18 වැනි දින ප්‍රකාශයට පත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.

