නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට සමගාමීව පාසල් කාලසටහන් සකස් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
මෙම නව විෂයමාලා ප්‍රතිසංස්කරණ 2026 වර්ෂයේදී 1 වන ශ්‍රේණියෙන් ආරම්භ වී ඇති අතර, 2027 දී 2 හා 6 ශ්‍රේණි සඳහාද, 2028 දී 3 හා 7 ශ්‍රේණි සඳහාද වශයෙන් ක්‍රමානුකූලව හඳුන්වා දීමට නියමිතය. තවද, 2029 දී 4, 8 සහ 10 ශ්‍රේණි සඳහාත්, 2030 දී 5, 9 සහ 11 ශ්‍රේණි සඳහාත් මෙම නව විෂයමාලා ක්‍රියාත්මක වන අතර, 2031 දී ජ්‍යෙෂ්ඨ ද්විතීයික 12 වන ශ්‍රේණියට නව විෂයමාලාව හඳුන්වා දෙනු ලබන අතර එම සිසුන් 2033 වසරේදී ප්‍රථම වරට උසස් පෙළ විභාගයට පෙනී සිටිනු ඇත.
කෙසේ වෙතත්, මෙම සංක්‍රාන්ති සමයේදී ඇතැම් ශ්‍රේණි සඳහා (උදාහරණ ලෙස 2027 වර්ෂයේදී 3, 4 සහ 5 ශ්‍රේණි සඳහා) තවදුරටත් පැරණි විෂයමාලාව ක්‍රියාත්මක වන බැවින්, අදාළ වර්ෂවල විෂයමාලා හඳුන්වාදීමේ සැලැස්ම හොඳින් සැලකිල්ලට ගනිමින් පාසල් කාලසටහන් සකස් කරන ලෙස එමඟින් විදුහල්පතිවරුන්ට සහ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

