නවසීලන්ත නියෝජ්‍ය අගමැතිවරයා දිවයිනට

0
138

NEWSNOW | –  නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා මෙරට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබේ.

ඔහු ඊයේ රාත්‍රියේ (24) දිවයිනට පැමිණි අතර ඒ මහතාව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් පිළිගනු ලැබුණි.

2013 වසරෙන් පසු නවසීලන්ත විදේශ විදේශ අමාත්‍යවරයෙකු ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරයද මෙය වීමද විශේෂත්වයකි.

නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම නිල සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ විදේශ අමාත්‍ය විජිත හේරත්ද හමුවීමට නියමිත බව වාර්තා වේ.

ඔහු එළැඹෙන 28 වැනිදා දක්වා මෙරට රැදී සිටිනු ඇත.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙරට නිල සංචාරයෙන් අනතුරුව ඉන්දියාව සහ නේපාලය බලා පිටත් වනු ඇත.