දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්

0
8

මෙරටින් වාර්තා වන දෛනික ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. එම ඒකකයේ නවතම දත්තවලට අනුව ඊයේ (14) දිනය තුළ මුළු දිවයිනෙන්ම වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 346 දෙනෙකු පමණි. ඊයේ දිනය වන විට මෙරට සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,346 ක් ලෙස සටහන්ව තිබුණි.

මෙම අලුත් රෝගීන් හඳුනා ගැනීමත් සමඟ වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692 දක්වා ඉහළ ගොස් ඇත. එසේම, මෙම වසර තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව 68 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here