දිස්ත්‍රික්ක තුනකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
11

මොනරාගල, අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (28) පෙරවරු 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙනු ඇත.

ඒ අනුව, අදාළ දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බැවින්, අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here