දිස්ත්‍රික්ක කිහිපයකට ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයෙන් නායයෑම් අනතුරු ඇඟවීම්

0
13

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලැබ තිබේ. අද (29) පස්වරු 4:00 සිට හෙට (30) පස්වරු 4:00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

මට්ටම 2 – අවධානයෙන් සිටින්න (ඇම්බර් අනතුරු ඇඟවීම)

  • රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට, අයගම, රත්නපුර, පැල්මඩුල්ල, ඇලපාත සහ ඕපනායක

මට්ටම 1 – විමසිලිමත් වන්න (කහ අනතුරු ඇඟවීම)

  • ගාල්ල දිස්ත්‍රික්කය: තවලම, කරන්දෙණිය, නියාගම, නෙලුව සහ ඇල්පිටිය
  • නුවරඑළිය දිස්ත්‍රික්කය: නෝර්වුඩ් සහ අඹගමුව කෝරලේ
  • කළුතර දිස්ත්‍රික්කය: දොඩන්ගොඩ සහ බුලත්සිංහල
  • රත්නපුර දිස්ත්‍රික්කය: කලවාන, නිවිතිගල, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැලියගොඩ සහ බලංගොඩ
  • මහනුවර දිස්ත්‍රික්කය: උඩුනුවර සහ යටිනුවර
  • කෑගල්ල දිස්ත්‍රික්කය: අරණායක, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here