දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයටත් ඇතැම් ස්ථානවලදී මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැක.
අලුයම් කාලයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කන්කසන්තුරය සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල සහ පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සවස් හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි ඇති විය හැකි අතර, සුළං ගිනිකොණ දෙසින් හෝ විවිධ දිශාවලින් පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර වේගයකින් හමා යනු ඇත.
දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයක පැවතුනද, ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා තාවකාලිකව ඉහළ ගොස් මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බැවින්, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

