දක්ෂිණාංශික ෆ්ලාවියෝ බොල්සොනාරෝ පළමු වටය ජයගනිමින් බ්‍රසීල ජනාධිපතිවරණය දෙවන වටයට

0
14

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් දක්ෂිණාංශික ලිබරල් පක්ෂය නියෝජනය කරන, හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ ජයග්‍රහණය කර ඇති නමුත්, ජනාධිපති ධුරය සඳහා අවශ්‍ය සියයට 50ක ඡන්ද ප්‍රතිශතය ඉක්මවා යාමට නොහැකිවීම හේතුවෙන් මැතිවරණය දෙවන වටයක් දක්වා ගොස් ඇත.

ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 99ක් අවසන් වන විට ඔහු සියයට 47.03ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් අතර වත්මන් ජනාධිපති ලූලා ද සිල්වා සියයට 45.16ක ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති බැවින්, ඔවුන් අතර දෙවන වටයේ ඡන්ද විමසීම ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.

බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂය පළමු වටයේ ප්‍රතිඵල අනුව ආණ්ඩුකාරවරුන්, සෙනෙට් සභිකයින් සහ ෆෙඩරල් නියෝජිතයින් වැඩි පිරිසක් තෝරාපත් කර ගනිමින් කොංග්‍රසය තුළද සැලකිය යුතු බලපෑමක් හිමිකර ගැනීමට සමත්ව ඇත.

මෙම මැතිවරණය ප්‍රජාතන්ත්‍රවාදය සහ ම්ලේච්ඡත්වය අතර තේරීමක් බව ලූලා ද සිල්වා ප්‍රකාශ කරන විට, බ්‍රසීල ජනතාව නිදහස් කිරීමට තමන්ට අවශ්‍ය බව ෆ්ලාවියෝ බොල්සොනාරෝ පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here